Saturday, February 14, 2026
Homeදේශීයරජයේ රැකියා දෙන බව පවසා අල්ලස් ගත් දෙදෙනෙකු අත්අඩංගුවට

රජයේ රැකියා දෙන බව පවසා අල්ලස් ගත් දෙදෙනෙකු අත්අඩංගුවට

රජයේ රැකියා ලබා දෙන බව පවසා සිව්දෙනෙකුගෙන් රුපියල් පන්ලක්ෂ පන් දහසක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගත් කාන්තාවක් ඇතුලු දෙදෙනෙකු අල්ලස් හෝ දූෂණ විමර්ශන චෝදනා කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් දෙදෙනා කුට්ටිගල – පදලංගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි එම කොමිෂන් සභාව සඳහන් කළේ.

පසුව සැකකරුවන් ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර, එහිදී එක් සැකකරුවෙක් ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

අනෙක් සැකකාරිය රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමටයි නියෝග කෙරුණේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments