Monday, December 22, 2025
Homeදේශීයරජය ඩබල් කැබ් මගඩියක- රවී

රජය ඩබල් කැබ් මගඩියක- රවී

රජය ඩබල් කැබ් රථ 1775ක් මිලදී ගැනීමට සූදානම් වන බවත් එය නියමිත ජාත්‍යන්තර ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව සිදු කිරීමට යන බවටත් පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා පවසයි. මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ පෙරේදා (29) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදීය.

මීට මාස 3කට පමණ පෙර හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා රජය කිරීමට සූදානම් වන මේ මිලදී ගැනීම පිළිබඳව තමා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කිරීම සම්බන්ධයෙන් මතකය ද අවදි කරමින් මාධ්‍ය හමුවේ මෙසේ පැවසීය.

“පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් එක්ක ඩබල් කැබ් 2000ක් ගේන්න ඕනෑ කියලා ආණ්ඩුවේ යෝජනාවක් ආවා. ඒ වෙලාවේ මම කිව්වා මන්ත්‍රීවරුන්ට වාහන අවශ්‍ය නෑ. ඔබතුමාලාට මේ වාහන වෙන අයට දෙන්න ඕන නම් මන්ත්‍රීවරුන්ට දෙනවා කියලා ගේන්න එපා කියලා. ඊට පස්සේ ඒක යට ගියා. නමුත් ඊයේ පෙරේදා මේක ආයෙත් මතු වුණා. ඩබල් කැබ් 1775ක් දින 12ක් ඇතුළත ටෙන්ඩර් කරලා ගන්න තමයි හදන්නේ. 2000 ක් ගේන්න ගිය එක 1775 වුණේ මන්ත්‍රීවරුන් 225 අඩු කරලා.

අනිත් එක තමයි මේ තරම් විශාල මුදලක් වැය වෙන ජාත්‍යන්තර ටෙන්ඩරයට දීලා තියෙන්නේ දවස් 12ක් විතරයි. නමුත් නියම ක්‍රමවේදයට අනුව නම් දවස් 42ක් දෙන්න ඕනෑ. මේ ටෙන්ඩර් එකට ඉල්ලුම් කරන්න නම් ආයතනයකට වාර්ෂික පිරිවැටුම බිලියන 10ක අවමය තිබිය යුතු යි. ඒ වගේම වාහන සේවා කරන ආයතන දිවයින පුරාම තිබිය යුතුයි. එන්ජින් ධාරිතාව 2500 ජජ විය යුතුයි. මෙහෙම බැලුවාම එක ආයතනයකට විතරයි ටෙන්ඩරයට ඉල්ලන්න පුළුවන්කම තියෙන්නේ.

අනිත් දේ තමයි, ආණ්ඩුවට මේ වාහන දේශීය නිෂ්පාදකයන්ගෙන් මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. එහෙම වුණොත් එක වාහනයකට වැය වෙන්නේ රු. මිලියන 16.5ක් විතරයි. නමුත් ගන්න යන්නේ එකක් මිලියන 24.5 ගානේ. දේශීය වශයෙන් ගත්තොත් ලාභෙ මිලියන 8යි. 3ට 1ක් අඩුයි.

මේ වාහන කාගෙන් ගත්තත් ආණ්ඩුව මේ කරන්න යන්නේ අපරාධයක්. ඇයි තවදුරටත් ලංකාවට ඉන්ධනවලින් දුවන වාහන ගෙන්වන්නේ? මේ වාහනයක් ඉන්ධන ලීටරයකට කි.මී. 6ක් 7ක් දුවනවා නම්, අවුරුද්දකට තෙල්වලට විතරක් මිලියන 8ක් වියදම් වෙනවා. මේ නාස්ති කරන්නේ අපේ විදේශ විනිමය. අපි විදුලියෙන් දුවන වාහන ගෙනාව නම් අපිට කිලෝ මීටරයකට ගෙවන්න වෙන්නේ රු. 4ක් හෝ 5ක්. එහෙම වුණා නම් අපිට බිලියන 8ක් ඉතුරු වෙනවා. වාහනේ අවුරුදු 5ක් පාවිච්චි කරනවා නම් අවුරුදු පහටම අපට බිලියන 40ක් ඉතිරි කරන්න පුළුවන්. බිලියන 40ක් කියන්නේ සුළුපටු ගාණක් නෙවෙයි. අපිට තවත් මහවැලියක් හදන්න පුළුවන්.

ලංකා රජයට මේ වෙනකොටත් වාහන 87000ක් තියෙනවා. නමුත් ලෝකයේ දියුණු රටක් වන ඔස්ට්‍රේලියාවේ රජයට තියෙන්නේ වාහන 7800ක් විතරයි

RELATED ARTICLES

Most Popular

Recent Comments