Monday, December 22, 2025
Homeදේශීයරජරට රැජින දුම්රියේ ගින්නක් හටගනී

රජරට රැජින දුම්රියේ ගින්නක් හටගනී

අනුරාධපුරයෙන් බෙලිඅත්ත බලා ධාවනය වූ රජරට රැජින දුම්රියේ එන්ජිමකට ගින්නක් හටගෙන තිබේ.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ගින්නට හේතුව මෙතෙක් හඳුනාගෙන නොමැති බවත්, අනතුරෙන් පසු දුම්රිය යළි අනුරාධපුර දුම්රිය ස්ථානයට රැගෙන ගොස් වෙනත් එන්ජිමක් සවි කිරීමට පියවර ගත් බවත් ය.

මෙම ගින්න අද (24) උදෑසන 5ට අනුරාධපුරයෙන් පිටත් වීමට නියමිතව තිබූ දුම්රියෙහි හටගෙන තිබුණි.

ඒ හේතුවෙන් දුම්රිය පැය 2කට අධික කාලයක් පටන් ගැනීම ප්‍රමාද වූ අතර, පසුව පෙරවරු 7.30ට යළි බෙලිඅත්ත බලා ගමන් ආරම්භ කර ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments