Saturday, January 17, 2026
Homeදේශීය‘රටම එකට’ ජාතික මෙහෙයුමෙන් සැකකරුවන් 994ක් අත්අඩංගුවට

‘රටම එකට’ ජාතික මෙහෙයුමෙන් සැකකරුවන් 994ක් අත්අඩංගුවට

විෂ මත්ද්‍රව්‍ය නාශය සඳහා රැඳී සිටින “රටම එකට” ජාතික මෙහෙයුම යටතේ ඊයේ (08) දිනයේ පුරා රටවෙම පැවැති මෙහෙයුම්වලින් පුද්ගලයින් 994 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

පොලීසිය සඳහන් කරන්නේ, ඊයේ දිනයේදි මෙහෙයුම් 1000ක් පමණ සිදුකර ඇති අතර එම අවස්ථාවලදී විවිධ මත්ද්‍රව්‍ය තොග සොයාගත් බවය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සතුව තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 5.782ක්, අයිස් ග්‍රෑම් 827ක්, ගංජා කිලෝග්‍රෑම් 71.681ක් සහ මත්පෙති 631ක් ඇතුළු විවිධ මත්ද්‍රව්‍ය වර්ග සොයාගෙන ඇත.

තවත් සැකකරුවන් 25 දෙනෙකුට රැඳවුම් නියෝග නිකුත් කර ඇති අතර පුනරුත්ථාපනය සඳහා පුද්ගලයන් 5 දෙනෙකු යොමු කර ඇති බවද පොලීසිය වැඩිදුරටත් පවසයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments