‘රටම – එකට’ ජාතික මෙහෙයුමේ දකුණු පළාත් වැඩසටහන අද තංගල්ල මහජන ක්‍රීඩාංගණයේ දී ආරම්භ විය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම අවස්ථාවට එක් වූ අතර වැඩසටහන පස්වරු 3.00ට ආරම්භ කරන ලදී.
මෙය රජය ක්‍රියාත්මක කරනු ලබන විෂ මත්ද්‍රව්‍ය ව්‍යාපාරය අවසන් කිරීමේ ජාතික මෙහෙයුමේ දෙවන අදියර වෙයි. මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසා ඇත්තේ, මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ රට පුරා සාමය, නීතිය, සහ මත්ද්‍රව්‍ය මර්දනය ශක්තිමත් කිරීම බවයි.

