විෂ මත්ද්‍රව්‍ය රටින් තුරන් කිරීම සඳහා ක්‍රියාත්මක කරන ‘රටම එකට’ ජාතික මෙහෙයුම යටතේ ඊයේ දිවයින පුරා සිදුකළ වැටලීම්වලින් පුද්ගලයින් 1,017 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසිය ප සඳහන් කරන්නේ, අත්අඩංගුවට ගත් සැකකරුවන් සතුව සිටි හෙරොයින්, අයිස්, හෂීෂ් සහ කොකේන් ඇතුළු විවිධ විෂ මත්ද්‍රව්‍ය තොගයන් යථා තත්ත්වයේදී සොයාගත් බවයි.
අත්අඩංගුවට ගත් අය අතරින් 21 දෙනෙකු පිළිබඳව රැඳවුම් නියෝග ලබාදී වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතින අතර, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ 29 දෙනෙකු පුනරුත්ථාපනය සඳහා යොමු කර ඇති බවත් වැඩිදුරටත් වාර්තා වේ.
මෙහෙයුම දිවයිනේ සියලු ප්‍රදේශවලම තවදුරටත් ක්‍රියාත්මක වන බව පොලිසිය පවසයි.
‘රටම එකට’ මෙහෙයුමෙන් 1,017 දෙනෙකු අත්අඩංගුවට

