Monday, January 5, 2026
Homeදේශපාලනරටේ අර්බුදයට අයවැයෙන් උත්තරයක් නෑ.. අයවැය පරාජයට විපක්‍ෂය සංවිධානය විය යුතුයි..- නාමල්

රටේ අර්බුදයට අයවැයෙන් උත්තරයක් නෑ.. අයවැය පරාජයට විපක්‍ෂය සංවිධානය විය යුතුයි..- නාමල්

ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කර ඇති අයවැය රට මුහුණ දී ඇති අර්බුදයෙන් එළියට ඒමට විසඳුම් නොමැති අයවැයක් බව පැහැදිලි පැහැදිලිව පෙනී යන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

නමුත් අයවැය පරාජය කිරීමේ වගකීම විපක්ෂයට පැවරී ඇති බව ද පැවසූ ඔහු විපක්ෂ නායකයා අදාළ පාර්ශ්ව සමඟ සාකච්ඡා කර එය සිදු කළ යුතු බව ද පැවසීය.

ඔහු මේ බව සඳහන් කලේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානය දී එම පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම සමඟ පැවැති සාකච්ඡාවකින් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

විපක්ෂය අයවැය පරාජය කිරීමට අදාළ පාර්ශ්වයන් සමග සාකච්ඡා නොකර අයවැයට අභියෝග කිරීමෙන් ඵලක් නැතැයි ද කී මන්ත්‍රීවරයා ජනාධිපතිවරයා හා විපක්ෂ නායකවරයා කොළඹ නියෝජනය කිරීම නිසා කොළඹ නගරය සීමාවට සහන ලැබෙන්නට ඇති බවද පැවසීය.

කෙසේ නමුත් මෙවර අයවැයෙද පසුගිය අයවැයට ඇතුළත් වූ බොහෝ දේ තිබීම නිසා පසුගිය අයවැයට පක්ෂවූ කෙනෙකුට ඊට විරුද්ධ වීමට හැකියාවක් නැති බවද ඔහු කියා සිටී.

නමුත් පසුගිය අයවැයෙන් ඉදිරිපත් කළ යෝජනා ක්‍රියාත්මක නොකර නැවත ඉදිරිපත් කිරීම සාධාරණ දැයි ගැටලුවක් ඇති බවද හෙතෙම තව දුරටත් කියා සිටියේය

RELATED ARTICLES

Most Popular

Recent Comments