පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා අනතුරට ලක් වූ අවස්ථාවේදී ඔහු කිරිබත්ගොඩ රෝහලෙන් කොළඹ ජාතික රෝහලට මාරු කර යවනු ලැබුවේ තත්ත්වය අසාධ්‍ය බව වෛද්‍යවරුන් විසින් සිදු කළ නිර්දේශ මත බව අමාත්‍ය විජිත හෙරත් මහතා සඳහන් කළේය.
ඒ හේතුවෙන් එම මොහොතේ පොලිස් නිලධාරීන්ට ස්ථානයට ගොස් මන්ත්‍රීවරයා බීමත් තත්ත්වයක සිටියේද යන්න පරීක්ෂා කිරීමට අවස්ථාවක් නොලැබුණු බවද ඔහු පැවසීය.
පොලිස් නිලධාරීන් කිරිබත්ගොඩ රෝහලට පැමිණෙන විට රන්වල මහතා කොළඹ ජාතික රෝහලට ගෙන ගොස් තිබූ බවත්, ඉන් අනතුරුව පොලිසිය කොළඹ ජාතික රෝහලටද ගොස් තිබූ බවත් අමාත්‍යවරයා කියා සිටියේය.
අනතුර සම්බන්ධයෙන් ඉදිරි නඩු වාරයේදී අපරික්ෂාකාරී ලෙස රිය පැදවීම සහ තිරිංග නිසි පරිදි ක්‍රියාත්මක නොවීම යන චෝදනා සම්බන්ධයෙන් රන්වල මහතා වැරදිකරු වනු ඇති බවද, ඔහු බීමතින් නොසිටි බව තහවුරු වනු ඇති බවට තමන් විශ්වාස කරන බවද විජිත හෙරත් මහතා ප්‍රකාශ කළේය.
මෙම අදහස් ඔහු සියත රූපවාහිනියේ පැවති වැඩසටහනකදී ප්‍රකාශ කර ඇත.

