ලෝක වෙළෙඳපොළවල රන් සහ රිදී මිල ගණන් තවත් කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ.
නිව්යෝර්ක් වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල ඩොලර් 4,612ක් ලෙස සටහන් වූ අතර ලන්ඩන් වෙළෙඳපොළේද ඩොලර් 4,600 ඉක්මවා ඇත. රිදී අවුන්සයක මිල ඩොලර් 84ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එය සියයට 5ක පමණ වර්ධනයකි.
මෙයට සමගාමීව ශ්‍රී ලංකාවේ රන් මිල ද රුපියල් 3,000කින් වැඩි වී ඇත. කැරට් 24 රන් පවුමක් රු. 365,000ක් සහ කැරට් 22 රන් පවුමක් රු. 337,600ක් වටින බව වාර්තා වේ.

