Sunday, December 21, 2025
Homeදේශීයරනිල්ගේ ගැසට්ටුවෙන් විදේශ ව්‍යවහාර මුදල් සන්තකයේ තබා ගැනීම සිමා කරයි

රනිල්ගේ ගැසට්ටුවෙන් විදේශ ව්‍යවහාර මුදල් සන්තකයේ තබා ගැනීම සිමා කරයි

ශ්‍රී ලංකාවේ සිටින හෝ නේවාසික පුද්ගලයෙකුට තම සන්තකයේ තබා ගත හැකි විදේශ ව්‍යවහාර මුදල් ප්‍රමාණය ජූනි 16 වනදා සිට බලාත්මක වන පරිදි සීමා කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් මහබැංකුව සඳහන් කළේ ඇමෙරිකානු ඩොලර් 15,000 සිට ඩොලර් 10,000 දක්වා එම ප්‍රමාණය අඩු කර ඇති බවයි.

ඒ අනුව, ඊට වඩා වැඩි විදෙස් මුදලක් ළග තබා ගන්නේ නම් එය විදේශ මුදල් ගිණුමක තැන්පත් කිරීමට හෝ බලපත්‍රලාභී වානිජ බැංකුවකට විකිණීමට ජුනි 16 වනදා සිට, වැඩ කරන දින 14ක පොදු සමා කාලයක් ලබා දී තිබෙනවා.

එම කාලයෙන් පසුව අදාළ නියමය උල්ලංඝනය කරන්නේ නම්, ඊට එරෙහිව පියවර ගත හැකි බවයි මහබැංකුව නිවේදනය කළේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments