Friday, January 23, 2026
Homeදේශීයරනිල්ගේ නිවසට ගිනි තැබූ මැරයින් 03ක් පොලිස් අත්අඩංගුවට

රනිල්ගේ නිවසට ගිනි තැබූ මැරයින් 03ක් පොලිස් අත්අඩංගුවට

අගමැතිවරයාගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ සිද්ධියට සැකපිට පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි .
කොල්ලුපිටිය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති මෙම සැකකරුවන් තිදෙනා අවුරුදු 28 ,24 සහ 19 යන වයස්වල පසුවන්නන් බව ද පොලිසිය පවසයි .

මෙම සැකකරුවන් තිදෙනා ගාල්ල සහ ගල්කිස්ස ප්‍රදේශවල පදිංචිකරුවන් බවද පොලිසිය කියයි .

මෙම ගිනි තැබීමට අදාළ සැකකරුවන් සොයා ගැනීම සඳහා කොල්ලූපිටිය පොලිසිය මගින් තවදුරටත් පුළුල් පරීක්ෂණ ආරම්භ කර ඇතැයි පොලිසිය පවසයි .

RELATED ARTICLES

Most Popular

Recent Comments