Thursday, February 12, 2026
Homeදේශපාලනරනිල්ගේ බහින කලාව ඇරඹුනා… පොහොට්ටුවේ අපේක්‍ෂකයා රනිල් නොවෙයි…

රනිල්ගේ බහින කලාව ඇරඹුනා… පොහොට්ටුවේ අපේක්‍ෂකයා රනිල් නොවෙයි…

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මීළඟ ජනාධිපති අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ මහතා නොවන බව රුසියාවේ හිටපු ශ්‍රි ලංකා තානාපති උදයංග වීරතුංග මහතා සඳහන් කරයි.
තමන් 100%ක විශ්වාසයෙන් ඒ බව පවසන බවද හෙතෙම කියා සිටී

පොහොට්ටුවෙ ඡන්ද රනිල්ට ලැබෙන්නෙ නෑ. මං සියයට 100ක් කියනව පොහොට්ටුවේ අපේක්ෂකයා රනිල් නෙවෙයි. පොහොට්ටුවේ දේශපාලන මතය රනිල්ගේ දේශපාලන මතය නෙවෙයි. වජිර අබේවර්ධනට ඕන විධියට 2048 වෙනකම් කවුරුවත් රනිල්ට ඉන්න දෙන්නෙ නැහැ. රනිල්ගේ ඉතිහාසයේ දේශපාලන ජය ර¼දා පවතින්නේ හරියටම අවුරුදු දෙකයි. ඒ නිසා ලබන ජුනි මාසයේදී රනිල්ගේ බහින කලාව පටන් ගන්නවා. ඒක මට විශ්වාසයි.

ලෝකෙ යන විධියට ඊළඟ ජනාධිපති තරුණ කෙනෙක්.

මහාචාර්ය කෙනෙක් වුණත් දේශපාලන අත්දැකීම් නැත්නම් යන්න බෑ. ගෝඨා අයියගෙන් ඒක තහවුරු වුණා. අපේ අපේක්‍ෂකයා ගැන මං කියන්නෙ නෑ. අපි පොහොට්ටුවෙන් කෙනෙක් ගේනවා. ඒ පුද්ගලයා ගැන අපේ නායකයො කියයි’

RELATED ARTICLES

Most Popular

Recent Comments