Wednesday, October 23, 2024
Homeසියලුම පුවත්රනිල්-බයිඩන් හමුව අන්තිම මොහොතේ කැන්සල් වෙයි

රනිල්-බයිඩන් හමුව අන්තිම මොහොතේ කැන්සල් වෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ දිනවල සිටින්නේ කියුබානු සහ ඇමෙරිකානු සංචාරයක නිරත වෙමිනි. ජනාධිපතිවරයා කියුබාව බලා පිටත්ව ගියේ එරට පැවැත්වෙන ‘ජී 77 ප්ලස් චයිනා’ සමුළුවට සහභාගි වීම සඳහාය. ඉන් අනතුරුව ජනාධිපතිවරයා ඇමෙරිකාව බලා පිටත්ව යන්නේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීම ඇමතීම සඳහාය. ජනාධිපතිවරයා ලබන 21 වැනිදා මහා මණ්ඩල සැසිය ඇමතීමට නියමිතව ඇත. රනිල් ජනාධිපතිවරයා වශයෙන් එක්සත් ජාතීන්ගේ මහාමණ්ඩල රැස්වීම අමතන්නේ පළමු වතාවටය. මීට පෙර අගමැතිවරයා වශයෙන් 2002 වසරේ පැවැති එක්සත් ජාතීන්ගේ රැස්වීම ඇමතීමට රනිල් කටයුතු කර තිබිණි.

සාකච්ඡාව කැන්සල් කළේ ඇයි?

කෙසේ වෙතත් ඇමෙරිකාව බලා පිටත්ව යෑමට ප්‍රථම ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා මුණගැසීමට අවස්ථාවක් ලබාගැනීමට විශාල මෙහෙයුමක් දියත් කොට තිබිණි. ඒ සඳහා පාර්ශ්ව කිහිපයක් ඔස්සේ උත්සාහයන් කිහිපයක්ම ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් දරා තිබිණි. ඒ සම්බන්ධයෙන් මුලින් පැවැති සාකච්ඡාවලදී රනිල්-බයිඩන් සාකච්ඡාව සම්බන්ධයෙන් ඇමෙරිකාවෙන් කොළ එළියක් පත්තු වුවද අවසන් මොහොතේ එය සම්පූර්ණයෙන්ම කණපිට පෙරළී ගිය ආකාරයක් දැකගන්නට ලැබිණි. ඒ අනුව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කළේ මෙවර රනිල්ගේ ඇමෙරිකානු ගමනේදී රනිල් – බයිඩන් හමුවක් සිදු නොවනු ඇති බවකි

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments