Monday, February 24, 2025
Homeදේශපාලනරනිල් සහ ඉන්දීය විදේශ ඇමති හමුවක් ඕමානයේදී

රනිල් සහ ඉන්දීය විදේශ ඇමති හමුවක් ඕමානයේදී

රනිල් සහ ඉන්දීය විදේශ ඇමති හමුවක් ඕමානයේදී

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සුබ්‍රමනියම් ජයශංකර් අතර හමුවක් ඕමානයේ මස්කට් නුවරදී ඊයේ (පෙබ.16) සිදු වී ඇත.

ඉන්දීය සාගර කලාපය තුළ ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික සබඳතා වැඩිදියුණු කිරීමේ වැදගත්කම අවධාරණය කරමින් කලාපීය සහයෝගිතාව සහ සමුද්‍රීය ආරක්ෂාව පිළිබඳව ඔවුන්ගේ එම සාකච්ඡාව කේන්ද්‍රගත වී තිබිණි.

‘සමුද්‍රීය හවුල්කාරීත්වයේ නව ක්ෂිතිජයන් කරා ගමනක්’ යන තේමාව යටතේ ඕමානයේ මස්කට් අගනුවරදී 8 වන දා ඉන්දීය සාගර හවුල්කාරීත්ව සමුළුව පැවැත්වෙන අතර ඊට සමගාමීව ඉන්දීය විදේශ කටයුතු ඇමැති සහ හිටපු ශ්‍රී ලංකා ජනාධිපති අතර හමුව සිදුවී ඇත.

වික්‍රමසිංහ මහතා මෙම සමුද්‍රීය හවුල්කාරීත්ව සමුළුවේ ප්‍රධාන කථිකයෙකු වන අතර එහිදී ඔහු සමුද්‍රීය ආරක්ෂාව, වෙළෙඳාම සහ කලාපීය ස්ථාවරත්වයට අදාළ තීරණාත්මක මාතෘකා ආමන්ත්‍රණය කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments