රාජ්‍ය ආයතනවල ඇති ඉහළ ධාරිතාවක් සහිත V8 සුඛෝපභෝගී රථවාහන මාර්තු මස 01 වැනි දිනයට පෙර වෙන්දේසි කර, එම ආදායම් වාර්තා ඉදිරිපත් කරන ලෙස මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන විසින් සියළුම රාජ්‍ය අංශ ප්‍රධානීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.
එමෙන්ම එම වෙන්දේසි කරන රථවාහන කිසිදු රාජ්‍ය ආයතනයක් විසින් නැවත මිලදී ගැනීම සිදු නොකළ යුතු බවද එම චක්‍රලේඛය මගින් අවධාරණය කර ඇති බවයි සඳහන් වෙන්නේ.
මෙම උපදෙස්, චක්‍රලේඛයක් මඟින් අමාත්‍යාංශ ලේකම්වරුන් සහ අනෙකුත් රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත යොමු කර ඇති බවද වැඩිදුරටත් සඳහන්.
අදාළ නිවේදනය පහතින්.