Sunday, September 22, 2024
Homeදේශීයරාජ්‍ය දේපළ හා ජීවිත හානි වළක්වා ගැනීමට හමුදාවට බලය පවරයි

රාජ්‍ය දේපළ හා ජීවිත හානි වළක්වා ගැනීමට හමුදාවට බලය පවරයි

රාජ්‍ය දේපළ හා ජීවිත හානි වළක්වා ගැනීමට හමුදා සාමාජිකයින්ට බලය පැවරූ බව යුද හමුදාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එහි දැක්වෙන්නේ ආරක්‍ෂක හමුදාවන්ට හෝ මහජන දේපළවලට හානි කිරිම උදෙසා ප්‍රචණ්ඩත්වය වැඩිකරමින් කටයුතු කරන සියලුදෙනාම වහාම එම ප්‍රචණ්ඩ ක්‍රියාවලින් වැළකී සිටිය යුතු බවය.

නොඑසේනම් පවතින තත්ත්වයන්ට අනුකූලව හා සරිලන පරිදි ආරක්‍ෂක හමුදාව සතු සියලු බලතල පාවිච්චි කිරීමට ඉදිරියේදී සිදුවන බවද යුද හමුදාව නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

මහජන දේපළ මෙන්ම සියලු මර්මස්ථාන සහ මහජන ජීවිත සුරැකීමේ අනුලංගනීය වගකීම පැවරී ඇති ආරක්‍ෂක හමුදාව එම බලය පාවිච්චි කිරීමට කිසිසේත්ම මැලි නොවන අතර එවැනි තත්ත්වයකදී උදාවිය හැකි පසු ආදීන පිළිබඳ වගකීම මෙම ප්‍රචණ්ඩකාරීන් විසින්ම දරාගත යුතු බව වැඩිදුරටත් අවධාරණය කරයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments