අයහපත් කාලගුණය හේතුවෙන් රියදුරු බලපත්‍ර අලුත් කර ගැනීමට නොහැකි වූ රියදුරන් සඳහා නීතිමය බාධාවකින් තොරව රිය පැදවිය හැකි විශේෂ සහන කාලයක් ලබා දීමට පොලීසිය තීරණය කර ඇත.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරන්නේ, දිවයිනේ පවතින අයහපත් කාලගුණික සහ ස්වභාවික ආපදා තත්ත්වය හේතුවෙන්, කල් ඉකුත් වූ රියදුරු බලපත්‍ර ඇති රියදුරන්ට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු කාර්යාල වෙත පැමිණීමට බාධා එල්ල වී ඇති බවයි.
මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් 2025.11.25 සිට 2025.12.25 දක්වා කාලය තුළ කල් ඉකුත් වන රියදුරු බලපත්‍ර අලුත් කර ගැනීමට විශේෂ සහන කාලයක් සලසා ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.
මෙම කාලය තුළ කල් ඉකුත් වූ රියදුරු බලපත්‍රය ළඟ තබාගෙන රිය පැදවීම රථවාහන නීති උල්ලංඝනයක් ලෙස නොසලකන ලෙස, කොමසාරිස් ජනරාල්වරයා විසින් පොලීසියට දැනුම් දී තිබේ.
ඒ අනුව පොලිස්පතිවරයා සියලුම පොලිස් ස්ථානවලට දැනුම් දෙමින්, එම සහන කාලය තුළ රියදුරන්ට නීතිය ක්‍රියාත්මක කිරීමේදී මෙම තත්ත්වය සැලකිල්ලට ගත යුතු බව අවධාරණය කර ඇත.

