රියදුරන්ගේ ගමනාගමන නීති උල්ලංඝනයන් මත ලකුණු ලබාදෙන නව ලකුණු පද්ධතියක් එළඹෙන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට රජය යෝජනා කර තිබේැ යැයි අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේ අයවැය විවාදය අමතමින් පවසීය.
දැනට දිස්ත්‍රික් කිහිපයක පරීක්ෂාකාරී ලෙස ක්‍රියාත්මක වන වාහන දඩ ඔන්ලයින් ගෙවීමේ පද්ධතිය මෙම වසර අවසන් වන විට රට පුරා පුළුල් කිරීමට කටයුතු සිදුකරන බවද අමාත්‍යවරයා සඳහන් කළා.
ලෝකයේ බොහෝ රටවල් හිමිකර ගන්නා මෙම ලකුණු ක්‍රමයේදී,
රියදුරන් විසින් සිදු කරන වැරදි සම්බන්ධයෙන් දඩුවම් ලකුණු එකතුව සිදුවන අතර,
ඒ උපරිම සීමාව ඉක්මවා යන විට රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීම හෝ අවලංගු කිරීම නීතිගත කිරීම පිළිබඳ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන එන බවයි.
මෙම යෝජනා ක්‍රියාත්මක වුවහොත්, ශ්‍රී ලංකාවේද ලෝකයේ අනෙකුත් රටවල් මෙන් රියදුරු වැරදිවලට ලකුණු හා පළිහරණ ක්‍රමයක් බලපත්‍ර නීතිවලට එකතු වීමට නියමිතය.

