දිට්වා සුළි කුණාටුවෙන් පසු පීඩාවට පත් පවුල් නැවත පදිංචි කිරීම සහ නිවාස යථාවත් කිරීම සඳහා රජය ලබාදෙන රුපියල් 25,000ක මූලික දීමනාව ආපදාවට පත් පිරිසෙන් 69.56%කට බෙදා හැර අවසන් කර ඇති බව ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය පවසයි.
එම මධ්‍යස්ථානයේ සහකාර ලේකම් ජයතිස්ස මුණසිංහ මහතා සඳහන් කළේ, ආපදාවට පත්වූ සුදුසු නිවාස 642,375ක් අතුරින් නිවාස 299,513කට මේ වන විට දීමනාව ගෙවා අවසන් කර ඇති බවයි.
තවත් නිවාස 169,944කට අද උදෑසන වන විට ගෙවීම් සිදුකිරීමට නියමිතව තිබූ අතර, මෙම දීමනා සඳහා රජය රුපියල් බිලියන 7,487ක වියදමක් දරා ඇති බවද ඔහු පැවසීය.
එමෙන්ම කඩිනම් සහන සඳහා රජය මේ වන විට රුපියල් මිලියන 4,197ක් වියදම් කර ඇති අතර, දේශීය සහ විදේශීය ආධාර විශාල ප්‍රමාණයක් ලැබෙමින් පවතින බවද සඳහන් කළේය.
ලැබෙන විදේශීය ආධාර නිසි සම්බන්ධීකරණය යටතේ දිස්ත්‍රික් ලේකම්වරුන් හරහා අදාළ ප්‍රදේශ වෙත බෙදා හැරෙන බව ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය වැඩිදුරටත් පවසයි.

