අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 60කට අධික ප්‍රමාණයක් සමඟ පුද්ගලයෙකු නිට්ටඹුව ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ගෝනහේන විශේෂ කාර්ය බලකා කඳවුරට ලැබුණු තොරතුරක් අනුව නිට්ටඹුව අරලිය පටුමග, පින්නගොල්ල වත්ත ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී ත්‍රීරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 61යි ග්‍රෑම් 838ක් සොයාගෙන ඇත.
මෙම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි 90කට අධික බව විශේෂ කාර්ය බලකාය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් ප්‍රසිද්ධ ඩුබායි වරුණ, මොහොමඩ් සිද්ධික් සහ දැනට බන්ධනාගාරගතව සිටින දිලිඳු සංජීව නොහොත් “ලේනා” යන අයගේ සමීපතමයෙකු බවට අනාවරණය වී තිබේ.

