රේගුවේ සිරවී තිබූ වාහන නිදහස් කිරීම සඳහා නව කොන්දේසි සහිත ගැසට් පත්‍රයක් ඊයේ (24) සිට බලපැවැත්වෙන පරිදි නිකුත් කර තිබේ.
මෙම ගැසට් පත්‍රය නිකුත් කර ඇත්තේ මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අත්සනින් යි.
වාහන දහසකට අධික සංඛ්‍යාවක් රේගුවේ සිරවී තිබූයේ 2013 අංක 02 ආනයන හා අපනයන ගැසට් රෙගුලාසිවලට පටහැනිව ආනයනය කර තිබීම නිසාය.
නව ගැසට් පත්‍රයට අනුව, cross-border LC (වෙනත් රටකින් විවෘත ණයවර ලිපි) මගින් ආනයනය කරන ලද වාහනවලට නිදහස් වීමේ අවසර ලබාදීමට නියම කර ඇත.
අදාළ වාහන නිදහස් කිරීමේදී සහ ලියාපදිංචි කිරීමේදී අදාළ නව කොන්දේසි හා පියවරයන් මෙම ගැසට් මගින් විස්තර කර ඇත.
