මෙම වසරේ අපේක්ෂිත රේගු ආදායම තවත් දින තුනක් තුළ ලබාගත හැකි බව ශ්‍රී ලංකා රේගුව පවසයි.
රේගු අධ්‍යක්ෂ චන්දන පුංචිහේවා මහතා සඳහන් කළේ, රේගු ඉතිහාසයේ එක් දිනකදී ඉපැයූ වැඩිම ආදායම වූ රුපියල් බිලියන 27.7ක් පසුගිය නොවැම්බර් 6 වැනිදා වාර්තා වූ බවයි.
ඔහු වැඩිදුරටත් පැවසුවේ,
“පෙර වාර්තාව 2025 ඔක්තෝබර් 15 වැනිදා ලැබුණු රුපියල් බිලියන 24.4ක ආදායමක් වූ අතර, මේ වන විට එයත් ඉක්මවා ගොස් ඇත. අපගේ වාර්ෂික බදු ඉලක්කය රුපියල් ට්‍රිලියන 2.115ක් වන අතර, නොවැම්බර් 8 වැනිදා වන විට රුපියල් බිලියන 2066.7ක් දක්වා එකතු කර ඇත. එමඟින් ලබන සතියේ ආරම්භයේදී ඉලක්කය සම්පූර්ණ කරගත හැකි බව අපි විශ්වාස කරමු” යැයිද ඔහු කියාසිටියේය.
ඒ අනුව, රේගු ඉතිහාසයේ එක් දිනකදී ලැබුණු වැඩිම ආදායම ලෙස රුපියල් බිලියන 27.7ක මෙම වාර්තාව සටහන් වන බවයි වාර්තා වන්නේ.
රේගු ඉතිහාසය වෙනස් වෙයි

