Tuesday, February 10, 2026
Homeදේශපාලනලක්මව රනින් සැරසූ තරුෂිට මැතිසබයෙනුත් මල් මිටක්

ලක්මව රනින් සැරසූ තරුෂිට මැතිසබයෙනුත් මල් මිටක්

ආසියානු ක්‍රීඩා උළෙලේදී  රන් පදක්කමක් දින ශ්‍රී ලංකාවට විශාල ගෞරවයක් එක් කළ මහනුවර වලල මධ්‍ය මහ විදුහලේ තරුෂි දිල්සරා  කරුණාරත්න  සිසුවියට පාර්ලිමේන්තුවේ උණුසුම් සුබපැතුම් අද (5) පිරිනැමිණ.

ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් රැසක් ඇයගේ ජයග්‍රහණය වෙනුවෙන් සුබ පැතුම් පිරිනැමීම විශේෂ සිද්ධියක්විය.

ඇයගේ ජයග්‍රහණය වෙනුවෙන් මුලින්ම සුබ පැතුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාය.

මෙහිදී අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා පැවසූවේ පාසල් ශිෂ්‍යාවක ලැබූ මෙම විශිෂ්ට ජයග්‍රහණය ගැන අධ්‍යාපන ඇමතිවරයා ලෙස තමා සතුටට පත් වන බවයි. මෙම විදුහල ක්‍රීඩා ජයග්‍රහණ රැසක් ගෙන දුන් එකක්  බවද  ඔහු සඳහන් කළේය.

එහිදී අදහස් දැක්වූ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසූවේ එම දියණියට ශිෂ්‍යත්වයක්  දීමට කටයුතු කරන ලෙසට ඉල්ලන බවයි.

ඊට පිළිතුරු දුන් අධ්‍යාපන අමාත්‍යවරයා ඒ සඳහා කටයුතු කරන බව ප්‍රකාශ කළේය.

ඉන් අනතුරුව අදහස් දැක්වූ නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා එම තරුණියට සමස්ත පාර්ලිමේන්තුවේම ගෞරවය හිමිවන බව පැවසීය.

RELATED ARTICLES

Most Popular

Recent Comments