Tuesday, March 3, 2026
Homeදේශපාලනලන්ඩනයේදී ටිල්වින් වටලා විරෝධතා..

ලන්ඩනයේදී ටිල්වින් වටලා විරෝධතා..

බ්‍රිතාන්‍යයේ සංචාරක නිරතව සිටින ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතාට එරටදී දැඩි විරෝධයක් මතුව තිබේ.

ඒ ලන්ඩනයේ පදිංචි LTTE ආධාරකරුවන් විසින් එළැඹූ විරෝධතාවයකි. ටිල්වින් සිල්වා මහතා ජනහමුවකට ගමන් කරන අවස්ථාවේ, ඔහු ගමන් කළ මෝටර් රථය වටලාගෙන එම කණ්ඩායම ඊළාම් කොඩි ඔසවාගෙන දැඩි ලෙස විරෝධය ප්‍රකාශ කර තිබුණා.

සිද්ධිය තත්පර කිහිපයක් උණුසුම් වුවද, සංවිධායකයන් විසින් ප්‍රධාන ලේකම්වරයා ආරක්ෂිතව එම ස්ථානයෙන් ඉවත් කළ බව වාර්තා වේ.

ටිල්වින් සිල්වා මහතා මෙම සංචාරය සිදු කරන්නේ ජාතික ජන බලවේගයේ වීදුරුබිම් ජනහමු කිහිපයක් බ්‍රිතාන්‍යයේ පැවැත්වීමටය. මේ අතර, මීට මාසයකට පෙරද ඇමති නලින්ද ජයතිස්ස මහතා ඇතුළු අමාත්‍යවරුන් කිහිප දෙනෙකු සහ කථානායකවරයා එරට විසිට්ටුවකට ගොස් බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකිකයන් හමුවී හමුවීම් කිහිපයක් සිදු කළ බවද සදහන්ය.

RELATED ARTICLES

Most Popular

Recent Comments