Thursday, November 13, 2025
Homeදේශපාලනමේ අවුරුද්දේ බෑ..ලබන අයවැයෙන් උපරිම සහන ලැබේවි! – ඇමැති නලින්ද කියයි

මේ අවුරුද්දේ බෑ..ලබන අයවැයෙන් උපරිම සහන ලැබේවි! – ඇමැති නලින්ද කියයි

නොවැම්බර් 07 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අයවැයෙන් සෑම ක්ෂේත්‍රයකින්ම හැකි උපරිම සහන ප්‍රමාණයක් ලබාදීමට මුදල් ඇමැතිවරයා ලෙස ජනාධිපතිවරයා කටයුතු කරනු ඇතැයි කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය හා සෞඛ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

එසේම මෙවර අයවැයෙන් බදු වැඩි කිරීමක් සිදුනොවන බව ද මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඊයේ (04දා) නාරාහේන්පිට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා කියා සිටියේය.

මෙය ජනතා සංවර්ධනය ඉලක්ක කරගත් අයවැයක් බවත් ඒ උදෙසා අයවැය යෝජනා රැසක් මෙවර අයවැයට ඇතුළත්වනු ඇති බවත් ඒ යෝජනා මොනවාද යන්න නොවැම්බර් 07 වැනිදා ජනාධිපතිවරයා අයවැය කතාව ඉදිරිපත් කරමින් පවසනු ඇති බවත් ඔහු සඳහන් කළේය

RELATED ARTICLES

Most Popular

Recent Comments