Thursday, November 13, 2025
Homeදේශීයලසන්තගෙන් හිස්වූ සභික ධුරයට සමීරගේ නම ගැසට් කෙරේ

ලසන්තගෙන් හිස්වූ සභික ධුරයට සමීරගේ නම ගැසට් කෙරේ

වැලිගම ප්‍රාදේශීය සභාවේ පුරප්පාඩු වූ සමගි ජන බලවේගයේ සභික ධුරය සඳහා සමීර ධනුෂ්ක ද සිල්වා මහතාගේ නම රජයේ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කර තිබේ.

මෙම ධුරය හිස්වී තිබුණේ, වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලෙස කටයුතු කළ ලසන්ත වික්‍රමසේකර මහතා පසුගිය දා වෙඩි තැබීමකින් ඝාතනය වී තිබීම හේතුවෙනි.

නව නියාමනය අනුව, සමීර ධනුෂ්ක මහතා වැලිගම ප්‍රාදේශීය සභාවේ නව සභිකයා ලෙස කටයුතු කිරීමට නියමිතය.

RELATED ARTICLES

Most Popular

Recent Comments