Thursday, November 13, 2025
Homeදේශීයලසාට වෙඩි තැබූ වෙඩික්කරුවන් පැමිණි යතුරුපැදිය සොයා ගනී…

ලසාට වෙඩි තැබූ වෙඩික්කරුවන් පැමිණි යතුරුපැදිය සොයා ගනී…

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර වෙඩි තබා ඝාතනය කිරීමට වෙඩික්කරු පැමිණි යතුරුපැදිය කතරගම බුත්තල පාරේ 16 කණුව අසල කැලයේ දමා ගොස් තිබියදී ඊයේ (31) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරින් විසින් සොයා ගෙන ඇත.

සැකකරුවන් යතුරුපැදියක නැගී අම්බලන්තොට ප්‍රදේශයට පැමිණ එතැනින් කැකිරාව ප්‍රදේශයට ගොස් ඇත්තේ කතරගම බුත්තල මාර්ගය ඔස්සේ බවට ඔවුන්ගේ ප්‍රකාශවලින් හෙළිව තිබූ බව රහස් පොලිසිය පවසයි.

ඒ අනුව සැකකරුවන් කැකිරාව ප්‍රදේශයට යන අතරමගදී යතුරුපැදිය කාර්මික දෝෂයකට ලක්ව ඇති අතර කැලයේ දමා ගොස් තිබියදී සොයාගෙන ඇත්තේ මේ එම යතුරුපැදිය බව රහස් පොලිසිය සදහන් කරයි.

මෙම යතුරුපැදියේ කාර්මික දෝෂයකට ලක්වන අවස්ථාවේදී එම ස්ථානයේ සැඟව සිටි වනඅලියකුගේ ප්‍රහාරයකට මෙම සැකකරුවන් ලක්වීමට ගොස් තිබූ අතර දිව ගොස් එම ප්‍රහාරයෙන් බෙරී ඇතැයි ද ඔවුන් සිය ප්‍රකාශවලින් සඳහන් කර ඇතැයි ද ‍රහස් පොලිසිය පැවසීය.

ඊයේ (31) සිද්ධියට අදාළ සැකකාර යතුරුපැරදිකරු සමඟ එම ස්ථානයට පැමිණි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරින් යතුරුපැදිය සොයාගෙන එය කතරගම පොලිසියට බාරදී තිබුණි

RELATED ARTICLES

Most Popular

Recent Comments