Friday, October 24, 2025
Homeදේශීයලොකු පැටි සහ කපුවා තවදුරටත් රිමාන්ඩ්

ලොකු පැටි සහ කපුවා තවදුරටත් රිමාන්ඩ්

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන “ලොකු පැටී” සහ ඔහුට ආධාර ලබාදුන්නේ යැයි කියන දේවාල කපුවා ලබන 31 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළා.

මෙම සැකකරුවන්ට එරෙහිව විෂ මත්ද්‍රව්‍ය පනතේ 54 (අ) වගන්තිය සහ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන පවත්වාගෙන යයි.

අධිකරණයට ඉදිරිපත් කර ඇති කරුණු අනුව, ලොකු පැටීගේ මත්ද්‍රව්‍ය ජාවාරම් මගින් ලැබුණු මුදල් දේවාල කපුවාගේ ගිණුමට තැන්පත් කර ඇති බව විමර්ශනවලින් අනාවරණය වී ඇත.

එම ගිණුමට රුපියල් කෝටි 33ක පමණ මුදලක් බැර වී ඇති අතර, කපුවා විසින් එමගින් කෝටි 32ක් චෙක්පත් මාර්ගයෙන් ලබාගෙන තිබේ.

අධිකාරීන් පෙන්වා දුන්නේ, මෙම මුදල් මත්ද්‍රව්‍ය ජාවාරම් වලින් ලැබුණු බවට සැක කෙරෙන අතර එය යළි එම කටයුතු සඳහා භාවිතා වී ඇති හැටිද විමර්ශනවලින් පෙනී සිටින බවයි.

නීතිඥවරුන් අධිකරණය හමුවේ දැක්වූ කරුණු අතරින්, ලොකු පැටී විසින් අදාළ කාලයේදී රට තුළ නොසිටි බවත්, කපුවාගේ ගිණුමට බැරවූ මුදල් බැතිමතුන්ගේ පරිත්‍යාග බවත් පෙන්වා දෙන ලදී.

එහෙත්, විමර්ශනවලට බාධා වීමේ අවදානමක් පවතින බව පෙන්වා දුන් CID නිලධාරීන්ගේ ඉල්ලීම අනුව, අධිකරණය සැකකරුවන් දෙදෙනා ලබන 31 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කළා.

ඒ සමඟම, ඇප ඉල්ලීම් සම්බන්ධයෙන් ලිඛිත නියෝගයක් එම දිනයේ නිකුත් කරන බවත් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක එස්. බෝදරගම මහතා පැවසීය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments