ඩුබායි සිට ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නගරයට පියාසර කරමින් තිබූ එමිරේට්ස් ගුවන් සේවයේ EK-434 ගුවන්යානය කටුනායක ගුවන් තොටුපොළට ඊයේ රාත්‍රී හදිසි ලෙස ගොඩබස්වා ඇත.
ඒ, ගුවන්යානයේ මගියෙකු පියාසර අතරතුර හදිසියේ අසනීප වී සිටීම හේතුවෙනි. අසනීප වූ මගියා රෝහල්ගත කර ඇති බව ගුවන් තොටුපොළ අධිකාරි පවසති.
ලොව විශාලතම මගී ගුවන්යානය ලෙස හඳුන්වන A-380 වර්ගයේ මෙම ගුවන් යානය රාත්‍රී 7.15ට කටුනායකට ගොඩබස්වා පසුව, අවශ්‍ය පරීක්ෂණ සහ කටයුතු නිමාකර රාත්‍රී 9.20ට නැවතත් බ්‍රිස්බේන් බලා පිටත් වී ඇත

