Sunday, December 21, 2025
Homeසියලුම පුවත්ලෝක බැංකුවෙන් රතු එළියක්

ලෝක බැංකුවෙන් රතු එළියක්

අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීමට මුදල් නොමැතිව සිටින ශ්‍රී ලංකාවට නිශ්චිත සාර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් සකස් කරන තෙක් නව මූල්‍ය පහසුකම් සැපයීමට සැලසුම් නොකරන බව ලෝක බැංකුව ඊයේ (24) නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.

එම නිවේදනයේ මෙසේ සඳහන් වේ

“ශ්‍රී ලංකාව සඳහා දැනටමත් අනුමත කර ඇති ව්‍යපෘතිවල සම්පත් යොදා ගනිමින්  අත්‍යාවශ්‍ය ඖෂධ සඳහා ගෙවීමට,දිළිඳු ජනතාවට,අවදානමට ලක් වූ පවුල්වලට,ගොවියන්ට සහ කුඩා පරිමාණ ව්‍යවසායකයන්ට සහන සැලසීමට මෙන්ම අවදානමට ලක් වූ පවුල්වල පාසල් දරුවන්ට ආහාර සැපයීමට ලෝක බැංකුව කටයුතු කරයි.ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ අනෙකුත් සංවර්ධන හවුල්කරුවන් සමග ශ්‍රී ලංකාවේ ආර්ථිකමය ස්ථාවරත්වයක් ඇති කිරීම සඳහා අවශ්‍ය සුදුසු ප්‍රතිපත්ති රාමුවක් සකස් කිරීමට ලෝක බැංකුව සහාය ලබා දෙයි.ලෝක බැංකුව ශ්‍රී ලංකාව සඳහා  කෙටි කාලීන හෝ දීර්ඝ කාලීන ණය දීමට සැලසුම් කර ඇතැයි පල වූ මෑත කාලීන මාධ්‍ය වාර්තා නිවැරදි නොවේ.”

RELATED ARTICLES

Most Popular

Recent Comments