‘දිට්වා’ සුළි කුණාටුවෙන් බලපෑමට ලක් වූ ගොවීන්ගේ වගා හානි පිළිබඳ තොරතුරු සංග්‍රහ කිරීම සඳහා කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විශේෂ ක්‍රමවේදයක් ආරම්භ කර ඇත.
එය අනුව ගොවීන්ට තම වගා හානි 1918 ක්ෂණික දුරකතන අංකය ඇමතීමෙන් පහසුවෙන් දැනුම් දිය හැක.
සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ගංවතුර සහ නායයෑම් මගින් බොහෝ දිස්ත්‍රික්කවල වගා භූමී හානියට ලක් වී ඇති අතර, අදාළ හානි පූරණය සඳහා අවශ්‍ය දත්ත රැස් කිරීම දැනටමත් ආරම්භ කර ඇත.
එසේම, අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 20ක දුරකථන සම්බන්ධතා අඩාල වූ අතර, ඒවායේ 75% කට වඩා වැඩි ප්‍රමාණයක් මේ වනවිට යථා තත්ත්වයට පත් කර ඇති බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) බන්ධුල හේරත් මහතා පවසයි.
වගා හානි පිළිබඳ දැනුම් දීමට 1918 ක්ෂණික දුරකතන අංකය

