Tuesday, February 17, 2026
Homeදේශීයවතිකානු විදේශ අමාත්‍ය අගරදගුරු පෝල් රිචඩ් ගැලගර් හිමිපාණන් අද දිවයිනට

වතිකානු විදේශ අමාත්‍ය අගරදගුරු පෝල් රිචඩ් ගැලගර් හිමිපාණන් අද දිවයිනට

ශුද්ධාසනයේ රාජ්‍යයන් සහ ජාත්‍යන්තර සංවිධාන සමග සබඳතා පිළිබඳ ලේකම් අගරදගුරු පෝල් රිචඩ් ගැලගර් හිමිපාණන් අද (03) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

හිමියන් අද සිට එළැඹෙන 08 දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වන අතර, එය ශ්‍රී ලංකාව සහ ශුද්ධාසනය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමේ 50 වැනි සංවත්සරය සැමරීම නිමිත්තෙනි.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාගේ ආරාධනයක් අනුව මෙම සංචාරය සිදුකෙරේ.

සංචාරය අතරතුරදී අගරදගුරු ගැලගර් හිමිපාණන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය හමුවීමේද, විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා සමඟ නිල සාකච්ඡා පැවැත්වීමේද නියමිතය.

අමතරව, රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිතවීමේ 50 වැනි සංවත්සරය සනිටුහන් කරමින් කොළඹ ගාලු මුවදොර හෝටලයේ විශේෂ අනුස්මරණ උත්සවයක්ද පැවැත්වෙන අතර, එහිදී අගරදගුරු ගැලගර් හිමිපාණන් විශේෂ දේශනයක් පවත්වනු ඇත.

2019 පාස්කු ප්‍රහාරයෙන් බලපෑමට ලක් වූ දේවස්ථාන සහ සංස්කෘතික, ආගමික වැදගත් ස්ථාන නරඹීමද ඒ හිමියන්ගේ මෙරට සංචාරයේ කොටසක් වන බව විදේශ අමාත්‍යාංශය සඳහන් කරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments