Tuesday, March 24, 2026
Homeසියලුම පුවත්වල්පොල “ලලා” තියුණු ආයුධ හා මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට

වල්පොල “ලලා” තියුණු ආයුධ හා මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට

මුල්ලේරියාව පොලීසිය විසින් නිවාසවලට ඇතුළු වී සොරකම් සිදුකළ බවට සැක කෙරෙන පුද්ගලයෙකු තියුණු ආයුධ සහ මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.
වල්පොල හන්දියේදී සිදුකළ විශේෂ පරීක්ෂාවකදී, යතුරුපැදියක පැමිණි මෙම සැකකරු සන්තකයේ “අයිස්” මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10ට අධික ප්‍රමාණයක් සහ තරාදියක් තිබී අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් විමර්ශනවලදී ඔහු එම තරාදිය මාලබේ ප්‍රදේශයේ වෙළඳසැලකින් සොරකම් කර විකිණීමට සූදානමින් සිටි බව අනාවරණය වී තිබේ.
එමෙන්ම සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමේදී තියුණු ආයුධ, කඩු සහ මන්නා කිහිපයක් ද සොයාගෙන ඇති අතර, ඒවා භාවිත කර වෙනත් අපරාධ සිදුකර ඇත්ද යන්න පිළිබඳ වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.
තවද ගෑස් සිලින්ඩර්, වතුර මෝටර් ඇතුළු භාණ්ඩ සොරකම් කර විකිණීම සහ යකඩ භාණ්ඩ සොරකම් කිරීම ඇතුළු සිද්ධීන් කිහිපයකට ඔහු සම්බන්ධ බවට හෙළිවී තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 38ක් පමණ වන සුමිත්‍ර ආරච්චිගේ ලලන්ත ගුණවර්ධන නොහොත් “වල්පොල ලලා” නමැති පුද්ගලයෙකි.
සැකකරු අද (24) අලුත්කඩේ අංක 08 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments