ජනවාරි 12 වැනිදා සිට මේ දක්වා දිවයින පුරා සිදුකරන ලද විශේෂ පොලිස් මෙහෙයුමකින්, අපරාධ සම්බන්ධයෙන් සෘජුව හඳුනාගත් පුද්ගලයින් 5,414 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අමතරව, සැකපිට පුද්ගලයන් 129,448 දෙනෙකු හා වරෙන්තුකරුවන් 56,365 දෙනෙකු ද අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
මෙම මෙහෙයුම මගින් මුළු දිවයිනේ පුද්ගලයින් 6,127,138 දෙනෙකු පරීක්ෂාවට ලක් කර ඇති අතර, බීමත් රියදුරන් 47,938 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇත.
රථවාහන වැරදි සම්බන්ධයෙන් පුද්ගලයන් 769,933ක් පිළිබඳව නෛතික පියවර ගෙන ඇති බවද පොලීසිය සදහන් කළේය.
මෙම කාලය තුළ ගිනිඅවි 2,097ක් පොලීසිය භාරයට ගෙන ඇති අතර, ඒ අතරටටී-56 අවි 67ක්පිස්තෝල 73ක්රිවෝල්වර් 50ක්වෙනත් අවි 1,907ක් යන අයුරින් වේ.
අමතරව, ජනවාරි 01 සිට ඔක්තෝබර් 22 දක්වා කාලය තුළ වැටලීම්වලදී,හෙරොයින් 1,482 කි.ග්. 820 ග්‍රෑම්,ගංජා 14,434 කි.ග්. 468 ග්‍රෑම්,කොකේන් 32 කි.ග්. 642 ග්‍රෑම්,හෂීස් 582 කි.ග්. 136 ග්‍රෑම්,අයිස් 2,542 කි.ග්. 454 ග්‍රෑම්,සහ මත් පෙති 3,961,790ක් පොලීසිය භාරයට ගෙන ඇති බවද වාර්තා වේ..
