Thursday, January 15, 2026
Homeක්‍රීඩාවසර 21කට පසු යළි Lanka Ride පාපැදි සවාරිය හෙට ඇරඹේ.

වසර 21කට පසු යළි Lanka Ride පාපැදි සවාරිය හෙට ඇරඹේ.

තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව සහ ලේක්හවුස් ආයතනය එක්ව සංවිධානය කරන “Lanka Ride 2026” දීපව්‍යාප්ත පාපැදි සවාරිය හෙට (16) ආරම්භ වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

වසර 21කට පසු නැවත පැවැත්වෙන මෙම තරඟයේ පළමු දිනය කොළඹ ලේක්හවුස් ආයතනය අසලින් පෙරවරු 9.00ට ආරම්භ වී, පෑලියගොඩ දක්වා සංකේතාත්මක ගමනක් ලෙස පැමිණෙන අතර, පෑලියගොඩින් නිල තරඟය ආරම්භ වේ. එදින කිලෝමීටර් 105ක් ගෙවා මහනුවර ගන්නෝරුවෙන් පළමු අදියර නිමවේ.

දෙවන දිනය මහනුවර සිට අනුරාධපුරය දක්වා කිලෝමීටර් 135.5ක් පැවැත්වෙන අතර, තෙවන හා අවසන් දිනය අනුරාධපුරයෙන් පුත්තලම මාර්ගය හරහා කොළඹට කිලෝමීටර් 208ක් ගෙවා, නිදහස් චතුරශ්‍රය අසලදී නිමාවට පත්වේ.

තරඟයේ ත්‍යාග ප්‍රදානෝත්සවය ලබන 18 වැනිදා පස්වරු 4.30ට පැවැත්වීමට නියමිතය.

RELATED ARTICLES

Most Popular

Recent Comments