Monday, January 5, 2026
Homeදේශීයවාර්ෂික ප්‍රසාද දීමනා ඉල්ලා ගුවන්තොටුපොළ සේවකයින් උද්ඝෝෂණයක

වාර්ෂික ප්‍රසාද දීමනා ඉල්ලා ගුවන්තොටුපොළ සේවකයින් උද්ඝෝෂණයක

2025 වසර සඳහා වාර්ෂික ප්‍රසාද දීමනා ලෙස ලබා දීමට නියමිත සේවක වැටුපෙන් මූලික වැටුප් 5ක් ලබා දෙන ලෙස බල කරමින් ගුවන් තොටුපොළ සේවක වෘත්තීය සමිති අද (29) උද්ඝෝෂණයක නිරත විය.

මෙම උද්ඝෝෂණයට ගුවන් තොටුපොළ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය, පොදු ජන සේවක සංගමය, ප්‍රගතිශීලි සේවක සංගමය, ජාතික සේවක සංගමය සහ ශ්‍රීලංකන් ගුවන් සේවයේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය නියෝජනය කරමින් සේවක සේවිකාවන් 50ක් පමණක් සහභාගී වූහ.

ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති මුහන්දිරම් මහතා සඳහන් කළේ, 2025 වසරේ වාර්ෂික ප්‍රසාද දීමනා ලෙස දැනට මූලික වැටුප් දෙකක් පමණ ලබා දී ඇති අතර, ගුවන් තොටුපොළ සමාගමේ වාර්ෂික ශුද්ධ ලාභය රුපියල් බිලියන 21ක් බවය.

එමෙන්ම, සේවකයින් අවම වශයෙන් තවත් මූලික වැටුප් දෙකක් හෝ ලබා දීමට කටයුතු කරන ලෙස ඉල්ලීම් කර ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments