දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර (Season Tickets) ඇති මගීන්ට ලංගම බස් රථවල ගමන් කිරීමේ අවසර දුම්රිය ධාවනය නතර වී ඇති හෝ සීමා වී ඇති ප්‍රදේශවලට පමණක් සීමා කර ඇති බව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය නිවේදනය කරයි.
මෑතකදී, දුම්රිය සාමාන්‍ය ලෙස ධාවනය වන ප්‍රදේශවලද මගීන් බස් රථ භාවිතා කිරීමට උත්සහ කළ සිද්ධීන් වාර්තා වූ නිසා, මෙම නවතම අවධාරණය නිකුත් කර ඇත.
🔹 මහනුවර – කොළඹ දුම්රිය මගීන් සඳහා
හෙට අලුයම සිට විශේෂ බස් රථ සේවයන් යොදන බව ජාතික ගමනා ගමන කොමිසන් සභාව පවසයි.
මෙම බස් සේවාවන්හිදී දුම්රිය වාර පත්‍ර භාවිත කළ හැක.
අමතරව, පේරාදෙණිය දුම්රිය පාලම ද්විත්ව මාර්ගයක් ලෙස සංවර්ධනය කිරීමටද සැලසුම් ගෙන සිටී.
වාර ප්‍රවේශ පත්‍ර භාවිත කරන දුම්රිය මගීන්ට වැදගත් දැනුම්දීමක්

