Sunday, December 14, 2025
Homeදේශීයවාහනයේ අලියෙකු ගැටීමෙන් ජැක්සන් ඇන්තනී රෝහල්ගත කරයි

වාහනයේ අලියෙකු ගැටීමෙන් ජැක්සන් ඇන්තනී රෝහල්ගත කරයි

ප්‍රවීන රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී ඇතුළු තිදෙනකු ගමන්ගත් මෝටර් රථය අනුරාධපුර – තලාව මාර්ගයේ මොරගොඩ ප්‍රදේශයේ වල් අලියකුගේ සිරුරේ ගැටීමෙන් ජැක්සන් ඇන්තනී ඇතුළු පිරිස තුවාල ලබා අනුරාධපුර රෝහලට ඇතුළත් කර ඇතැයි තලාව පොලිසිය කියයි.

අනතුරත් සමග කැබ් රථය උඩට වල් අලියා ඇද වැටීමෙන් වාහනයට ද දැඩි හානි සිදුව ඇත.

මෙම සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ ප්‍රවීන රංගන ශිල්පියකු වන ජැක්සන් ඇන්තනි මහතා සමඟ ගමන්ගත් සමන් ඇන්තනී හා ඉරේෂ් යන අයයි .

මොරගොඩ ප්‍රදේශවාසීන් හා තලාව පොලිසියේ නිලධාරීන්ගේ එකතුවෙන් මෙම තුවාලකරුවන් තිදෙනා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments