Tuesday, October 28, 2025
Homeදේශීයවැල්ලම්පිටියෙන් හමුවූ විදේශීය ජීව අත්බෝම්බයක් නිෂ්ක්‍රීය කිරීමට නියෝගයක්

වැල්ලම්පිටියෙන් හමුවූ විදේශීය ජීව අත්බෝම්බයක් නිෂ්ක්‍රීය කිරීමට නියෝගයක්

වැල්ලම්පිටිය ප්‍රදේශයේ හමුවූ විදේශීය රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් නිෂ්ක්‍රීය කර අධිකරණයට කරුණු දක්වන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලියාන් වරුෂවිතාන මහතා අද (28) වැල්ලම්පිටිය පොලිසියට නියෝග කළා.

පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබූ තොරතුරක් අනුව, විමර්ශන කණ්ඩායමක් එම ස්ථානයට ගොස් පරීක්ෂා කිරීමේදී කොහුවල වත්ත විදුලි කණුවක් අසල ජීව අත්බෝම්බයක් හමුවී තිබුණා.

එම අනාවරණය සැලකිල්ලට ගනිමින්, එය නිෂ්ක්‍රීය කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම හා අධිකරණයට තොරතුරු ඉදිරිපත් කිරීම සඳහා අධිකරණයෙන් නියෝග නිකුත් කෙරුණා.

පොලිසිය පැවසූවේ, එම අත්බෝම්බය විදේශීය නිෂ්පාදනයක් වන අතර, එය හමු වූ පසු ආරක්ෂක අංශ විසින් එම ප්‍රදේශය වටලා අවශ්‍ය ආරක්ෂණ කටයුතු ද ක්‍රියාත්මක කළ බවයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments