Saturday, March 28, 2026
Homeසියලුම පුවත්වැලි ට්‍රැක්ටරයෙන් හැප්පී පොලිස් සැරයන්වරයෙකු මරුට

වැලි ට්‍රැක්ටරයෙන් හැප්පී පොලිස් සැරයන්වරයෙකු මරුට

යාපනය කොඩිකාමම් ප්‍රදේශයේදී නීතිවිරෝධී ලෙස වැලි ප්‍රවාහනය කරමින් සිටි ට්‍රැක්ටර් රථයක් යටවීමෙන් පොලිස් සැරයන්වරයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
පොලිස් නිලධාරීන් විසින් මාර්ග බාධකයකදී එම ට්‍රැක්ටර් රථය නවත්වන ලෙස දැනුම්දී තිබුණද, රියදුරා එය නොතකා නිලධාරීන්ටම හැප්පී එම ස්ථානයෙන් පලාගොස් ඇති බව සඳහන් වේ.
අනතුරෙන් බරපතළ ලෙස තුවාල ලැබූ පොලිස් සැරයන්වරයා එම ස්ථානයේදීම මියගොස් ඇත.
පලාගිය රියදුරු සහ ට්‍රැක්ටර් රථය අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් යොදවා ඇති බව පොලීසිය පවසයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments