ලංකා විදුලිබල මණ්ඩලය අහෝසි කරමින් පිහිටුවූ නව සමාගම් 6 අද (09) සිට බලාත්මක වී තිබේ.
විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය යටතේ මෙතෙක් ක්‍රියාත්මක වූ ලංකා විදුලිබල මණ්ඩලය ඊයේ (08) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වී ඇත.
ඒ අනුව 1969 අංක 17 දරන ලංකා විදුලිබල මණ්ඩල පනත අවලංගු වූ අතර, එම ආයතනය නීත්‍යානුකූලව අහෝසි වී තිබේ.
ඉදිරියට විදුලි උත්පාදනය, සම්ප්‍රේෂණය, බෙදාහැරීම සහ පද්ධති මෙහෙයුම් කටයුතු අනුප්‍රාප්තික සමාගම් 6කට පැවරෙන බව සඳහන් වේ.
ඒ අනුව පිහිටුවා ඇති සමාගම් වනුයේ
- විදුලි ජනන ලංකා (පුද්ගලික) සමාගම
- ජාතික සම්ප්‍රේෂණ ජාල සේවා සපයන්නන්ගේ (පුද්ගලික) සමාගම
- ජාතික පද්ධති ක්‍රියාකරු (පුද්ගලික) සමාගම
- විදුලි බෙදාහැරීම ලංකා (පුද්ගලික) සමාගම
- සේවක අරමුදල (පුද්ගලික) සමාගම
- එනර්ජි වෙන්චර්ස් ලංකා (පුද්ගලික) සමාගම
මෙම සමාගම්වලින් තුනක් සඳහා නව සාමාන්‍යාධිකාරිවරුන් ද පත් කර ඇති අතර, ඒ අනුව ඉංජිනේරු එන්. ජී. සාලිය පණ්ඩිතරත්න, ඉංජිනේරු එන්. එස්. වෙත්තසිංහ සහ ඉංජිනේරු කේ. එස්. අයි. කුමාර යන මහත්වරුන් එම තනතුරු සඳහා පත් කර ඇත.

