Tuesday, March 10, 2026
Homeසියලුම පුවත්විදුලියේ සංගම් 4න් විදුලි සේවකයින්ට දැනුම්දීමක්

විදුලියේ සංගම් 4න් විදුලි සේවකයින්ට දැනුම්දීමක්

විදුලිබල ක්ෂේත්‍රයට අදාළ ප්‍රධාන සමාගම් 04හි අධ්‍යක්ෂ මණ්ඩලය හා වෘත්තීය සමිති අතර පැවැති සාකච්ඡාවකින් අනතුරුව ඉල්ලීම් 64 අතරින් ඉල්ලීම් 62ක් පිළිගැනීමට අධ්‍යක්ෂ මණ්ඩල එකඟතාව පළ කර ඇති බව සඳහන් වෙයි.
එම සමාගම් හතරේ සභාපතිවරුන් එක්ව නිකුත් කළ ඒකාබද්ධ නිවේදනයක මෙම තොරතුරු සඳහන් කර තිබේ.
එමෙන්ම ජනතාවට අපහසුතාවයක් ඇති කරන වැඩවර්ජනය අවසන් කර නැවත සේවයට වාර්තා කරන ලෙස වෘත්තීය සමිතිවලින් ඉල්ලීමක් ද සිදුකර තිබේ.
එසේ සේවයට පැමිණෙනු ඇතිනම් ඉතිරි ඉල්ලීම් 02 පිළිබඳව ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක් ලබාදීමට ද එකඟතාව පළ කර ඇති බවද එම නිවේදනයේ සඳහන් වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments