කුච්චවේලි සහ රස්නායකපුර පොලිස් වසම්වලදී විදුලි සැර වැදීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු – 16 හැවිරිදි පිරිමි ළමයෙකු සහ 75 හැවිරිදි පුද්ගලයෙකු – මියගොස් තිබේ.
කුච්චවේලි පල්ලිමුණේ ප්‍රදේශයේ 16 හැවිරිදි ළමයා, අනවසරෙන් අදින ලද විදුලි රැහැනකට හසුවූ එළුවෙකු බේරීමට ගිය අවස්ථාවේදී විදුලි සැර වැදී මියගොස් ඇති බවත්, තලාකොළවැව ප්‍රදේශයේ 75 හැවිරිදි පුද්ගලයාද තමන් විසින් අදින ලද විදුලි රැහැනට ගැටී මියගොස් ඇති බවත් පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත.
අදාළ අනතුරු සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන කරයි.

