Thursday, November 20, 2025
Homeදේශීයවිදේශිකයින්ට රියදුරු බලපත්‍ර ගාස්තුව විශාල ලෙස ඉහළට

විදේශිකයින්ට රියදුරු බලපත්‍ර ගාස්තුව විශාල ලෙස ඉහළට

විදේශීය පුරවැසියන්ට රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේදී අය කරන ගාස්තු රජය මගින් ප්‍රමාණවත් වශයෙන් ඉහළ නංවා ඇති බව වාර්තා වේ.

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් නිකුත් කළ නව ගැසට් නිවේදනයට අනුව මෙම ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක වී තිබේ.

ඒ අනුව විදේශිකයෙකුට මාසයක කාලසීමාවකට තාවකාලික රියදුරු බලපත්‍රයක් ලබාගැනීමට හිමි ගාස්තුව රුපියල් 2,000 සිට රුපියල් 15,000ක් දක්වා ඉහළ නංවා ඇත.

මාස 1–2 ක කාලසීමාව සඳහා ගාස්තුව රු. 21,000ක් වන අතර, මාස 2–6 ක කාලසීමාව සඳහා රියදුරු බලපත්‍රයක් ලබාදීමට රු. 30,000ක් අයකෙයි.

තවද, මාස 6–12 ක කාලසීමාවකට තාවකාලික බලපත්‍රයක ගාස්තුව රු. 45,000ක් ලෙස නියම කර තිබේ.

රියදුරු බලපත්‍රයක් අලුත් කරගැනීමට විදේශිකයෙකුගෙන් රු. 15,000ක් අය කරනු ඇති අතර, බලපත්‍රය විනාශ වූ විට අනුපිටපතක් ලබාදීමටද ඒම මුදලම අය කරනු ලබයි.

ශ්‍රී ලංකාවෙන් පිටත නිකුත් කළ රියදුරු බලපත්‍රයක් සතුව ඇති ශ්‍රී ලාංකික පුරවැසියෙකුට නව බලපත්‍රයක් ලබාදීමේ ගාස්තුව රු. 3,300 සිට රු. 30,000 දක්වා ඉහළ නංවා ඇත.

එසේම, විදේශයෙන් නිකුත් කළ රියදුරු බලපත්‍රයක් ඇති විදේශිකයෙකුට නව රියදුරු බලපත්‍රයක් ලබාදීමට අය කරන මුදල රු. 15,000 සිට රු. 60,000 දක්වා ඉහළ නංවා තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments