ඊශ්‍රායල – පලස්තීන ගැටුම පිළිබඳ ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි සහ සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මාන් අතර සාකච්ඡාවක් පවත්වා තිබේ.
දුරකථනය ඔස්සේ ඊයේ (11) දිනයේ දී එම සාකච්ඡා සිදු ව ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කරයි.
එහි දී පලස්තීනයට එරෙහි යුද්ධය අවසන් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා වී ඇති බව ද වාර්තා වේ.
මේ අතර, ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතෙන්යාහු සඳහන් කරන්නේ, ජීවත් ව සිටිය ද සෑම හමාස් සාමාජිකයකු ම මිය ගිය පුද්ගලයකු වන බවයි.
අල් අක්සා ප්‍රහාරයෙන් පසු ඊශ්‍රායලයේ නිල යුදමය තත්ත්වයක් ප්‍රකාශ වුණු අතර, ඊට සමගාමී ව පිහිටුවා ගත් තාවකාලික යුද කැබිනට්ටුව අමතමින් බෙන්ජමින් නෙතෙන්යාහු මෙම අදහස් පළ කර තිබිණි.