Tuesday, February 17, 2026
Homeදේශීයවිපක්ෂයේ මන්ත්‍රීලාට ආරක්ෂාව දෙන පොදු තීරණයක් නෑ--මහජන ආරක්ෂක ඇමැති

විපක්ෂයේ මන්ත්‍රීලාට ආරක්ෂාව දෙන පොදු තීරණයක් නෑ–මහජන ආරක්ෂක ඇමැති

විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වහාම ආරක්ෂාව සපයන ලෙස ඔවුන් ඉල්ලා සිටිය ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ආරක්ෂාව ලබාදීමට ආණ්ඩුව පොදු තීන්දුවක් ගෙන නැතැයි මහජන ආරක්ෂක ඇමැති ආනන්ද විජේපාල මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට කීය.

යම් මන්ත්‍රීවරයකුට ආරක්ෂාව සපයන්නේ නම් ඊට පෙර ඔහුට යම් ජීවිත තර්ජනයක් ඇද්දැයි කියා විමර්ශනය කිරීම අත්‍යවශ්‍ය බව ද හෙතෙම සඳහන් කළේය.

කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට රට තුළ ලොකු තර්ජනයක් නැතැයි කී ඇමැතිවරයා යම් අයකුට එලෙස තර්ජනයක් ඇත්නම් එවැන්නන්ට යම් කණ්ඩායම් සමග ඩීල් ඇතැයි ද ඔහු කීවේය.

එහෙත් ජීවිත තර්ජනයක් පවතින බවට අනාවරණය කරගනු ලැබූ රාසමාණික්කම් වැනි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මේ වනවිටත් අවශ්‍ය ආරක්ෂාව ලබාදී ඇතැයි ද ආනන්ද විජේපාල ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

RELATED ARTICLES

Most Popular

Recent Comments