Thursday, January 15, 2026
Homeදේශපාලනවිමල් වීරවංශට වරෙන්තු

විමල් වීරවංශට වරෙන්තු

නීතිවිරෝධී ලෙස රුපියල් මිලියන 75කට අධික වත්කම් උපයාගැනීමේ චෝදනා සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් ගොනුකර ඇති නඩුවට පෙනී නොසිටීම හේතුවෙන්, එහි විත්තිකරු ලෙස නම් කර ඇති හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.

මෙම නියෝගය කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා විසින් නිකුත් කර තිබේ.

එමෙන්ම, විත්තිකරුගේ ඇපකරුවන්ට මීළඟ නඩු දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කරන ලෙසද විනිසුරුවරයා නියෝග කළා.

RELATED ARTICLES

Most Popular

Recent Comments