Thursday, February 12, 2026
Homeසියලුම පුවත්විශ්‍රාමලත් විශේෂඥ දොස්තර වරු යළි සේවයට කැඳවයි….පුරප්පාඩු 500ක්

විශ්‍රාමලත් විශේෂඥ දොස්තර වරු යළි සේවයට කැඳවයි….පුරප්පාඩු 500ක්

විශ්‍රාම ගිය විශේෂඥ වෛද්‍යවරුන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අවශ්‍යතාව සැලකිල්ලට ගෙන යළි සේවයට බදවා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥ වෛද්‍යවරුන් පන් සියයකට ආසන්න පිරිසකගේ පුරප්පාඩු පවතින අතර මෙම පිරිස බඳවා ගැනෙන්නේ එම පුරප්පාඩු සඳහා බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජී.විජේසූරිය මහතා ලංකාදීපයට පැවැසීය.

වාර්තා වන අන්දමට විශේෂඥ වෛද්‍යවරුන්ගේ පුරප්පාඩු වැඩිපුර පවතින්නේ කොළඹින් බැහැර ප්‍රදේශවලය.

විශ්‍රාම ගිය විශේෂඥ වෛද්‍යවරුන් යළි සේවයට පැමිණීමට කැමැත්ත පළ කරන්නේ නම් ඔවුනට අවශ්‍ය බොහෝ පහසුකම් ලබාදීමට අමාත්‍යාංශය සූදානම් බවද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කීවේය

RELATED ARTICLES

Most Popular

Recent Comments