Saturday, April 4, 2026
Homeසියලුම පුවත්විශේෂඥ වෛද්‍යවරුන් වර්ජනයට එක්වන්නේ නැහැ

විශේෂඥ වෛද්‍යවරුන් වර්ජනයට එක්වන්නේ නැහැ

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (04) ආරම්භ කළ වැඩවර්ජනය සඳහා විශේෂඥ වෛද්‍යවරුන් සහාය නොදක්වන බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ප්‍රකාශ කරයි.
එහි ලේකම් විශේෂඥ වෛද්‍ය ආර්. ඥානසේකරම් මහතා සඳහන් කළේ, විශේෂඥ වෛද්‍යවරුන් සාමාන්‍ය පරිදි රාජකාරීවල නිරත වන අතර රෝහල්වල විශේෂ සේවා අඛණ්ඩව පවත්වාගෙන යන බවයි.
පශ්චාත් පුහුණු විශේෂඥ වෛද්‍යවරුන් ද මෙම වර්ජනයට සහභාගී නොවන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
වෛද්‍යවරුන් 2,300කට ආසන්න පිරිසක් සමන්විත මෙම සංගමය ප්‍රතිපත්තියක් ලෙස වැඩවර්ජන සඳහා එක් නොවන බවද, රෝගී ජීවිත අවදානමට පත් කිරීම තමන් අනුගමනය නොකරන බවද ඔහු අවධාරණය කළේය.
කෙසේවෙතත් වෛද්‍යවරුන්ගේ පශ්චාත් සීමාවාසික අනුයුක්ත කිරීම් සහ ස්ථාන මාරු සම්බන්ධයෙන් අක්‍රමිකතා සිදුවන බවට චෝදනා කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දිවයින පුරා වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ.
මෙම වර්ජනය හේතුවෙන් රෝහල්වල ප්‍රතිකාර සඳහා පැමිණෙන රෝගීන් දැඩි අපහසුතාවයට පත්ව සිටින බවද වාර්තා වෙයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments