වෙනිසියුලාවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එරට උප ජනාධිපතිනිය වන ඩෙල්සි රොඩ්‍රිගස් මහත්මියට විශේෂ නියෝගයක් නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අමෙරිකානු හමුදා මෙහෙයුමක් හේතුවෙන් ජනාධිපති නිකොලොස් මධුරෝ රටින් පිටුවහල් වී සිටින කාලය තුළ, උප ජනාධිපතිනිය විසින් වෙනිසියුලාවේ වැඩබලන ජනාධිපති ධුරය භාරගන්නා ලෙස එම නියෝගයෙන් දැනුම් දී ඇත.
ඒ අනුව, ජාතික පරිපාලන අඛණ්ඩතාව සහ රටේ පුළුල් ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින්, බොලිවේරියානු වෙනිසියුලා ජනරජයේ ජනාධිපති ධුරය ඇය විසින් භාරගෙන කටයුතු කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ සඳහන්ව ඇති බව වාර්තා වේ.

